Friday, 18 June 2010

තෑග්ගට හිමිකරු

රට ගොස් පැමිනි යාලුවෙකුගෙන් සිල්වාට සෙල්ලම් බඩුවක් ලැබුණි. එය ලස්සන බෝනික්කෙකි. ඔහුට දූ වරු තිදෙනෙක් සිටින බැවින් මෙම තෑග්ග කාට දිය යුතු දැයි ඔහුට ප්‍රශ්නයක් විය.

දූ වරුන් තිදෙනා ළගට ගෙන්වා ගත් ඔහු, "අම්මාට හුගාක්ම කීකරු, ඒ වගේම අම්මා කියන දේ අහන එක්කෙනාට මේක දෙනවා!"

"එහෙන් ඉතින් ඕක තාත්තාටම තියාගන්නයි වෙන්නේ!" බාළම දුව කීවාය.

විශ්වාසය

පියාගෙන් පුතුට:
පුතේ, ගෑනු කියන ජාතිය එච්චර දුරට විශ්වාස කරන්න එපා!
මවගෙන් දුවට:
දුවේ, පිරිමි කියන ජාතිය එච්චර ළගට විශ්වාස කරන්න එපා!

උපදෙස

"අයිසෙ, ගෑනු එක්ක නිකම්ම යාලු වෙන්න බෑ! දැක්කම මොනවා හරි කතා කරන්න ඕනෑ. අහනවා 'ඔයා බැදලද? ළමයි කී දෙනෙක් ඉන්නවද?' කියලා! ආන්න එහෙම!" ඔහුට මිතුරගෙන් උපදෙස් ලැබිනි.
එදා ඔහුට හමු වූ පළමු ස්ත්‍රියගෙන් ඔහු, "ඔයා බැදලද? " කිය ඇසීය.
"නෑ!"
"ළමයි කීදෙනෙක් ඉන්නවද? "
ඇයගෙන් කුඩ පහර කා ගෙන ඔහු මිත්‍රයා ළගට ගොස් කරුනු සැල කලේය.
"අයිසෙ, තමුසෙ වැරදි ප්‍රශ්නෙ නේ ඉස්සර වෙලා අහල තියෙන්නෙ!" යයි මිතුරා ඔහුගේ වරද හරි ගැස්සිය.
ඉළග දිනයේ ඔහුට හමු වු පළමු ස්ත්‍රියගෙන් ඔහු මෙසේ අසීය.
"ඔයාට ළමයි කී දෙනෙක් ඉන්නවද?"
"හතර දෙනයි"
"ඔය බැදලද?"
යළිත් කුඩ පාර!.........

අහෝ ප්‍රේමය

" කොහොමද තමුසෙගෙ ප්‍රේම සම්බන්දෙ? "
" 50% සාර්ථකයි "
" ඒ කියන්නෙ? "
"මo ඇයට මගේ ප්‍රේමය ප්‍රකාශ කරා "
"ඉතිo "
"එයා බෑ කිව්වා"

ප්‍රාර්ථනා

උදෙ අවදි නොවි දවසේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි නම් කොච්චර දෙයක්ද?... - කම්මැළියෙක්

ළමයි ගණන

ඔහු ශාස්ත්‍රකරුගෙන් තමාට ළමයින් කීදෙනෙකු සිටිනවාදැයි ඇසීය....

" තුන් දෙනයි! "

" වැරදියි! මට හතර දෙනෙක් ඉන්නවා! "

" එහෙම තමා හිතාන ඉන්නෙ! නමුත් හතර දෙනාගෙන් එක් කෙනෙක් තමන්ගෙ නොවේ! "